පාකිස්තානයේ ෆෙඩරල් වාණිජ කටයුතු අමාත්‍ය කුරාම් දස්ඩිගාර් ඛාන් මහතා ද්විපාර්ශ්වික ආයෝජන හා වෙළෙඳාම ඉහළ දමාගැනීමේ අරමුණින් හෙට (10දා) තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඔහු සමග පකිස්තානයේ සිමෙන්ති, ඖෂධ, ආහාර සහ පාන වර්ග, සීනි, ඉදිකිරීම් හා නිෂ්පාදන අංශයේ සමාගම්වල ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිත පිරිසක්ද දිවයිනට පැමිණීමට නියමිතය.