පකිිස්තාන යුද හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් මහතා ඇතුලු දුත පිරිසක් සිව් දින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් අද (05දා) විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය විසින් දිවයිනට පැමිණි පකිස්තානු යුද හමුදා නිලධාරීන් පිළිගත්හ.
ජෙනරාල් රහීල් ෂරීප් දිවයනේ සිටින කාලය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු මැති ඇමතිවරුන් සහ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට නියමිතය.