උතුරුදිග පාකිස්තානයේ පසුගිය 8 වැනිදා සිදුවූ හමුදා හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් වෙත ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය පළ කරන බව නිවේදනයක් නිකුත් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම අනතුරින් පාකිස්තානයේ පිලිපීන, නෝර්වේ තානාපතිවරු, ඉන්දුනීසියානු තානාපති ආර්යාව සහ මැලේසියානු මහකොමසාරිස්වරයාගේ ජීවිත අහිමි වූ අතර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ශ්‍රී ලංකා රජයේත් ජනතාවගේත් බලවත් ශෝකය ප්‍රකාශ කරන බව අමාත්‍යාංශය පවසයි.