ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුද්ගල දේශපාලනයක් කරන පක්ෂයක් නොවිය යුතු බවත්, ගමේ සිටින පාක්ෂිකයන් එක එක පුද්ගලයන් පසුපස නොගොස් පක්ෂය වටා ඒකරාශී විය යුතු බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඉදිරි මැතිවරණවලදී දිනන්නේ කවුද යන්න නොව දිනන පක්ෂය කුමක්ද යන්න පමණක් අදාළ කරගත යුතු යැයිද ඇමතිවරයා සඳහන් කළේය.
"මේ තත්ත්වය තුළ ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමේ ක්රමෝපායන් සකස් කළ යුතුයි. ගමේ පාක්ෂිකයන් එකමුතු වී හඬ නගනවා නම් අපේ පක්ෂය ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි බලකරන්න ඕනේ හැමකෙනාටම පක්ෂය බෙදන්න එපා, පක්ෂය කඩන්න එපා කියලා. රජය ඇතුළෙ වගේම පක්ෂය ඇතුළෙ විවිධ මත තිබුණත් අපි පක්ෂයේ ප්‍රතිපත්තිවලට හා වැඩපිළිවෙළට අනුව ඉදිරියට යා යුතුයි" යනුවෙන් පවසා සිටියේය.