පා මන්ත්‍රී ආචාර්ධර්ම පද්ධතියක් ළඟදීම
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ධර්ම පද්ධතියක් පිළිබඳව මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල ආශීර්වාදය ලැබී ඇති බවත්, ඒ අනුව එය තව නොබෝ දිනකින් එළි දැක්විය හැකි බවත් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබේ.
කථානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, සර්වාගමික සමුළුව විසින් ස්වකීය නියෝජිත පිරිසකට කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසන ලෙස කර තිබූ ඉල්ලීම අනුව පෙරේදා (04දා) පස්වරුවේ කථානායකවරයා ඇතුළු පක්ෂ නායකවරු සහ සර්ව ආගමික නියෝජිතයන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01හිදී රැස්වූ අවස්ථාවේදීය.
සර්වාගමික සමුළුව විසින් ඉදිරිපත් කරන ලද අදහස් පිළිබඳව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුකිරීමට කඩිනමින් පියවර ගනු ලබන බවද කථානායකවරයා එහිදී සඳහන් කර තිබේ.
රට තුළ කාලීන වශයෙන් උද්ගතව ඇති ප්‍රධාන ගැටලු පිළිබඳ තීරණ ගැනීමේදී සර්වාගමික සමුළුවේ මතය දැක්වීමට අවකාශ ලබාදෙන ලෙස එම අවස්ථාවේදී ඉල්ලීමක් සිදුව ඇති අතර, එම අදහස් පිළිබඳ සැලකිලිමත් වීමේ වැදගත්කමද සර්වාගමික සමුළු නියෝජිතවරුන් විසින් පෙන්වා දී තිබේ.
එමෙන්ම සර්වාගමික සමුළුව වෙත යම්නිල පිළිගැනීමක් ලබාදීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට ලක්ව ඇති අතර, ජාතික සමගිය සංහිඳියාව වෙනුවෙන් දේශපාලන අධිකාරිය සහ ආගමික නායකයන් එක්ව අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරබයා පවතින කතිකාවත පිළිබඳවත් සාකච්ඡාවේදී සැලකිල්ලට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
