ෙරුපියල් මිලියන දෙකක් වටිනා රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දුලාංජලී ප්‍රේමදාස මහත්මියට ලබාදීම සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමේ උපකරණ ළඟ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අත්හිටු වූ සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකාරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්ෂ පහක දඩයක්දදෙ (22දා) නියම කළේය.
මෙම දඬුවම්වලට අමතරව රුපියල් මිලියන දෙකක වන්දියක් දුලාංජලී ප්‍රේමදාස මහත්මියට ගෙවන ලෙසද විනිසුරුවරයා විත්තිකරුට නියම කළේය.
චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ මහරගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන රොලිත් පෙරේරා නමැත්තෙකුටය.
2014 මාර්තු මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ පාර්ක් වීදීයේදී කූඨ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නොට්ටු 503ක් දුලාංජලී ප්‍රේමදාස මහත්මියට වංක ලෙස ලබාදීම සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ උපකරණ ළඟ තබාගැනීම යන චෝදනා මත නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබිණි.
විත්තිකරුට එරෙහිව මීට පෙර අවස්ථාවක අධිචෝදනා පත්‍ර බාරදුන් අවස්ථාවේදී තමන් මෙම චෝදනාවට නිවැරදිකරු බව පැවසීම නිසා මෙම නඩුව අද (23දා) සිට විභාග කිරීමට නියමිතව තිබූ අතර, නඩුව විභාග කිරීමට සූදානම් වූ අවස්ථාවේදී තමන් මෙම චෝදනාවට වරද පිළගන්නා බව විත්තිකරු අධිකරණයට දැනුම් දුන්නේය.
දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින් රහස් පොලීසියේ ව්‍යාජ මුදල් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද ප්‍රියදර්ශන මහතාට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනවලදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණි.