ප්‍රේමකීර්තිද අල්විස් කලාකරුවා දැයෙන් සමුගෙන වසර විසිපහක් පිරීම නිමිතිකොට ගෙන ඔහු නමින් මාර්ගයක් විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (31 දා) උදෑසන සිදුකළේය.
ප්‍රේමකීර්ති ගුණ සමරු සංසදයේ ඉල්ලීමක් අනුව මෙම මාර්ගය ඔහු නමින් නම් කළ අතර, කොළඹ බෞද්ධාලෝක මාවත සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා රූපවාහිනී සංස්ථාවට පිවිසුම් මාර්ගය මෙසේ ඔහු නමින් නම් කරන ලදී.
මෙයට සමගාමීව 80 දශකයේ සිදුවූ භීෂණ සමය විදහා දැක්වෙන හා ඉන් ජීවිත අහිමිවූවන් පිළිබඳ තොරතුරු දැක්වෙන ප්රදර්ශනයක්ද එම පරිශ්‍ර‘යේ සංවිධානය කොට තිබූ අතර, ජනාධිපතිතුමා එයද නැරඹීය.