පහරකෑමකට ලක්වූ මාධ්‍යවේදී ප්‍රේඩි ගමගේ මහතා අද (15දා) කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
මීගමුවේදී පහර කෑමකට ලක්වූ මාධ්‍යවේදී ප්‍රේඩි ගමගේ මහතා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටියි.
මෙලෙස ප්‍රතිකාර ලබාගන්නා ප්‍රේඩි ගමගේ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙන්නේ ජයවර්ධන රෝහල් බලධාරීන් විසිනි.
අදාළ පහරදීම් පිළිබඳ නඩුව මේ මස 21 වැනිදා කැඳවීමට නියමිත අතර, එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමටද නියමිතය.