පළාත් සභාවලට අවශ්‍ය පරිදි ප්‍රාන්ත නිර්මාණය කිරීමට අවස්ථාවක් නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. තංගල්ල කාල්ටන් නිවසේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
උතුරු පළාත් සභාව උතුරු හා දකුණ ලෙස ප්‍රාන්ත දෙකක් නිර්මාණය කිරීමට අදාළව යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
‘’ පළාත් සභාවලට ඕන විදියට ප්‍රාන්ත හදන්න, ප්‍රාන්ත කඩන්න, ප්රානන්ත එකතු කරන්න පුළුවන් කමක් නෑ. යහපාලනය තුළත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො ඉන්නවා. ඒ නිසා යහපාලනය තුළත් ඒකට ඉඩක් නෑ. යහපාලනය තුළ රටට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා එවැනි අවස්ථාවක ඒ අය ක්‍රියාත්මක වේවි කියලා මම විශ්වාස කරනවා.’’