ප්‍රාදේශිය සංවර්ධනයට වැඩි මුදල්
ප්‍රාදේශිය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේදී මූලික වශයෙන් නිදහස් කරනු ලබන මුදල රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කිරීම තුළ සංවර්ධන කටයුතු වේගවත් කිරීමට හැකි වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශ නිලධාරින් හා දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලපාන ගැටලු, අමාත්‍යාංශය තුළින් සිදුවිය යුතු වෙනස්කම් හා අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු පිළිබඳව අමාත්‍යවරයා හා නිලධාරින් සාකච්ඡා කළේය. ප්‍රගති වාර්තා අධ්‍යයනය කරමින් නිලධාරින් දැනුවත් කළ අමාත්‍යවරයා කඩිනමින් ගැටලු සඳහා පිළියම් යොදා සංවර්ධන කටයුතු වේගවත් කළ යුතු බව අවධාරණය කළේය. මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් යන මහත්වරු ඇතුළු සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහභාගි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

