ප්රා දේශීය සභා හා නගර සභා මන්ත්රීවරුන්ට ගෙවන දීමනා ඉහළ නැංවිමට තීරණය කර තිබේ.
ඒ අනුව ප්රා දේශීය සභා මන්ත්රීවරයෙකුගේ මාසික දීමනාව 5000 සිට 15000 දක්වාද, උප සභාපතිගේ දීමනාව 6500 සිට 20000 දක්වාද, සභාපතිගේ දීමනාව 10000 සිට 25000 දක්වාද වැඩිකර තිබේ.
නගර සභා මන්ත්රීවරයෙකුගේ දීමනාව 7000 සිට 20000 දක්වාද, උප සභාපතිගේ දීමනාව 10000 සිට 25000 දක්වාද, සභාපතිගේ දීමනාව 15000 සිට 30000 දක්වාද වැඩිවෙනු ඇත.