ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අන්තර් ආගමික කමිටු පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇත.
ජනවර්ග අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. ඒ සඳහා ආගමික නායකයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමටත් ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ අවධානය යොමුව ඇත. ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13දා) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබේ.
බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ 9 වන අවස්ථාව මෙය වන අතර පසුගිය රැස්වීම්වලදී සාකච්ඡා කළ කරුණු ඉදිරියට කි‍්‍රයාත්මක වන අන්දම පිළිබඳවඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
බුද්ධ ජයන්ති නව ති‍්‍රපිටක ග්රන්ථ, සංස්කරණය සහ මුද්‍රණය පිළිබඳ ප්‍රගති හා පුස්කොළ පොත් සංරක්ෂණය සඳහා ගෙන යන වැඩපිළිවෙළ හා ඒ සඳහා නව පුස්තකාලයක් ඉදිකිරීමේ යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.