සේවකයන්ට අහිමි කර තිබෙන ප්‍රසාද දීමනා හා දිරි දීමනා සතියක් තුළ ලබාදීමට කටයුතු නොකළහොත් ලබන සතියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් දියක් කරන බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.
පාලකයන් සුරසැප විඳිමින් රටේ විදුලිය අඛණ්ඩව පවත්වාගෙන යන සේවකයන්ට හිමි ප්‍රසාද දීමනා හා දිරිදීමනා කපාදමා තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
මෙය විරෝධය පළකර අද (14දා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විදුලිබල මණ්ඩල ප්රණාම උලෙළ වර්ජනය කරන බවත්, අදාළ ස්ථානය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් පවත්වන බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව ප්‍රධාන කාර්යාල ඉදිරිපිට සත්යග්රහ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බවද ප්‍රධාන ලේකම්වරයා පැවසීය.