කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 ½කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බවට චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 16 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (14දා)නියම කළේය.
මෙම නඩුව විභාග කිරීමට අද (14දා) කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුගේ නීතිඥවරයාගේ ඉල්ලීමකට අනුව නඩු විභාගය ලබන මාර්තු 16 වැනිදාට කල් තැබූඅතර සාක්ෂි විමසීමකින් තොරව නඩුව එලෙස කල් තැබුණේ හයවැනි වතාවටය.
මෙම නඩුවේ සාක්ෂි දීම සඳහා අධිකරණයට පැමිණ සිටි සාක්ෂිකරුවන් ඇමතූ විනිසුරුවරයා ලබන මාර්තු 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට අවවාද කළේය.