බස්නාහිර පළාත් ප්‍රධාන අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ගම්පහ දිස්ත්‍රික් මැතිරණ ප්රචාරක කාර්යාල 07කට පෙරේදා (27දා) රාත්රියේදී කිසියම් පිරිසක් පහර දී කඩා බිඳ දමා තිබේ.
කෝපිවත්ත, හොරම්පැල්ල, නවලෝක මන්සන්ධිය, හුරිගහමුල පත්අඬුවන, ගල්කන්ද සහ බෝධිපිහිටුවල යන ග්‍රාමසේවා වසම්වල පක්ෂ කාර්යාල මෙලෙස කඩා දමා තිබෙන බව මහඇමතිවරයා පැවසීය.
මේ සම්බන්ධව අදාළ පොලිස් ස්ථානවලට පැමිණිලි කළ බවද හෙතෙම සඳහන් කළේය.