ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසනය පුරා ඇති සෑම ඡන්ද මධ්‍යස්ථානයකම සිටින නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඡන්ද පොළ නියෝජිතයන් සතුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූප සහිත ලිපිගොනු (ෆයිල් කවර) තිබෙන බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරමින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ අනෙකුත් පක්ෂවල අපේක්ෂකයන්ට හා ඡන්දදායකයන්ට ඉන් අසාධාරණයක් වන බවත්, මෙම ක්‍රියාව වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසත්ය.