දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමට පැමිණෙන ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් නිල ඇඳුමින් නොපැමිණීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි මගීහු චෝදනා කරති.
දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂකවරුන් නිල ඇඳුමින් සැරසී යාම අනිවාර්ය වන අතර,තම හැඳුනුම් පත ප්‍රදර්ශනය කිරීමද අනිවාර්ය වේ. එමෙන්ම මගියෙකු ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හැඳුනුම් පත ලබාදීමට පරීක්ෂකවරුන් බැඳී සිටින බවදඅප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේදී ප්‍රවේශ පත්‍රයක් නොමැති පුද්ගලයන්ට දඩ මුදල් නියම කිරීමට හෝ එම මුදල් ගෙවාගැනීමට නොහැකි නම් ඇපයක් තබාගැනීමටද පරීක්ෂකවරුන්ට බලය පවරා ඇති අතර,දඩ මුදල් ගෙවීමට නොහැකි නම් පොලීසියට බාර දී නීත්‍යනුකූලව කටයුතු කිරීමේ අයිතියදපරීක්ෂකවරුන්ට පවරා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශකළේය.
ප්‍රවේශපත්‍ර පරීක්ෂාකිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට, දුම්රිය නියාමක සහ උප නියාමකවරුන්ට, දුම්රිය ස්ථාන කාර්යමණ්ඩලයට සහ ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරුන්ට හැකියාව ඇතිබවද දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කළේය.
නිල ඇඳුමකින් තොරව පැමිණෙන්නන්ගෙන් ප්‍රශ්න කිරීමේ අයිතිය මගීන්ට ඇති අතර,නිල ඇඳුම හැඳීමෙන්තොරව ප්රවේශපත්රපරීක්ෂා කිරීමට කිසිදු අයිතියක් නොමැති බවද අපකළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
රාත්‍රී දුම්රිය තුළ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුළ මෙලෙස නිල ඇඳුමින් තොරව පැමිණෙන ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් බහුලව දැකිය හැකි බවත්, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියන් තුළ නීත්‍යනුකූලව නිල ඇඳුමින් සැරසුණු ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් රාජකාරි කරන ආකාරය දැකිය හැකිබවද දුම්රිය මගීහු වැඩිදුරටත් පවසති.
දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සෑම නිලධාරියෙකුටම නිල ඇඳුම් සකස්කරගැනීමට රුපියල් 10,000 ක මුදලක් වාර්ෂිකව ලබාදෙන බවදදුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. එසේතිබියදීත් සේවයපැහැර හැරීමේ අරමුණින් ඇතැමුන් මෙලෙස නිල ඇඳුම භාවිත නොකරනබව අපකළ සොයාබැලීම්වලදී තහවුරු විය.
දුම්රිය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් වෙනත් අරමුණු ඉටුකරගන්නා පිරිස්ද මෙම හරහා වර්ධනය වීමේ තර්ජනයක් පවතින අතර, නිල ඇඳුමින් නොපැමිණෙන නිලධාරීන් පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයට හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමේ අවස්ථාව දුම්රිය මගීන්ට ඇතිබවද අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්සඳහන් කළේය.