ධීවර වරායන් ආශ්‍රිතව ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. පවතින දැඩි රථවාහන තදබදයට විකල්පයක් ලෙස මෙම බෝට්ටු සේවාව යොදා ගැනීමට අපේක්ෂා කරන අතර එවැනි ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට අදාළව යෝජනා කිහිපයක් තමන් වෙත ඉදිරිපත් වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය. මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මුහුදු බඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම බෝට්ටු සේවාව ප්‍රචලිත කිරීම පහසු වන බවය. ජනතාවට මගී ප්‍රවාහනයේ වැඩි පහසුකම් සැලසීමටත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද ධීවර වරායන් ආශ්‍රිතව ආරම්භ කිරීමට යෝජිත මෙම බෝට්ටු සේවාව යොදාගත හැකි වීමෙන් ජනතාවගේ ප්‍රවාහන ගැටලුවට ඵලදායි විසඳුමක් සපයනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.