වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයා පෞද්ගලික බස් කර්මාන්තය දියුණු කිරීමට කිසිදු කටයුත්තක් සිදුනොකරන බැවින් දින 07 ක් තුළ ඔහු එම තනතුරින් ඉවත් කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සම්මේලනය සඳහන් කරයි.
එසේ නොකළහොත් මේ මස 07 වැනි දින සිට සියලුම බස් රථවල කළුකොඩි ඔසවා විරෝධය දක්වන බවත්, එයටත් නිසි ප්‍රතිචාර නොලැබුණහොත් එදිනෙන් දින 07 කට පසු රට පුරා දැවැන්ත බස්රථ වර්ජනයක් සිදුකරන බවත් එම සංගමය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.
අද (01දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.