රජගිරියේ ක්‍රියාත්මක කළ ප්‍රමුඛතා මංතීරුව හඳුන්වාදීමේ වැඩසටහන අද දිනයේදී සාර්ථක වූ බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
“ අපි කලින්ම ප්‍රකාශ කළා අනිවාර්යයෙන්ම මාර්ග අපහසුතා ඇතිවෙන්න පුළුවන් කියලා පෞද්ගලික අංශයේ රථවාහනවල පැමිණෙන අයට. ඒ ගැන අපි කණගාටුව ප්‍රකාශ කරනවා. නමුත් ඊයේ ලැබුණු පර්යේෂණවල ප්‍රතිඵල හැටියට අද වෙන කොට ඒවා නිවැරදි කරගෙන අද අපේ පොලීසියේ අයත් සාක්ෂි දරණවා. අපි යම් කිසි වර්ධනයක් දියුණුවක් එමගින් ලබාගෙන ඒ වැඩසටහන අපි සාර්ථක කර ගත්තා.
පැයකට බස්රථ100 කට ආසන්න ප්‍රමාණයකින්, සෙනග හාරපන්දාහක් අරගෙන යනකොට මෝටර් රථ දෙදාහක් තුන්දාහකින් අරගෙන යන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක්. එතකොට කාටද ප්‍රමුඛතාවය දිය යුත්තේ කියන එක තමයි මෙතන වැදගත් දේ. අපට පෙනී ගිහින් තිබෙනවා අද දිනයේ බස්රථවල කාර්යක්ෂම තාවය වැඩිවෙලා කියලා. ඒ වගේම අනෙකුත් වාහනවල තිබූ තදබදයත් ඊයේ තිබූ ගැටළුව අද විසඳිලා කියලා. එම නිසා මේ කි‍්‍රයාදාමය අපි හෙටත් ගෙන යනවා. ඒ ලැබෙන ප්‍රතිඵල අනුව අපි ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නවා.”