මාර්ග තදබදය අවම කිරීම සඳහා බස්රථවලට ප්‍රමුඛතා මංතීරු ලබාදීම නියමු ව්‍යාපෘතිය අද (12දා) සිට 18 වැනිදා දක්වා රාජගිරිය කොළඹ අතර මාර්ගවල සිදු කෙරේ.
මෙම ක්‍රමය සමස්ත ලංකාව තුළම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ අනුව බස් රථවලට අමතරව පුද්ගලයන් 10 දෙනෙකුට වඩා සහ පාසල් ලමුන් 10 දෙනෙකුට වඩා ගමන් ගන්නා රථවාහන මෙම තීරුවෙම ගමන් කළ යුතු වේ.
නියමු ව්‍යාපෘතිය මාර්ග අංක 170, 190, 177, 168, 153, 176, 144, 186, 174, 175, 150, 171 තුළ ගමන් ගන්නා වාහනවලට අදාළ වේ.