ගමන් බහාලුමක බහා යකඩ ඇණවල සඟවමින් පාකිස්තානයේ සිට මෙරටට හෙරොයින් කිලෝ 36 ක් ගෙන ආ ශ්‍රී ලංකා නියෝජිතයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මොහොමඩ් අලි සබ්රි නැමැති සැකකරු අද (19දා) කොළඹදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මෙම හෙරොයින් ජාවාරම පිළිබඳව පරීක්ෂණ පවත්වා එම මත්ද්‍රව්‍ය තොගය ගෙන්වූ පකිස්තානු ජාතික මොහොමඩ් වාලි (53) පසුගියදා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගෙන තිබේ.