අග්රාමාත්යවරගේ චීන සංචාරය හොඳ ක්රියාවක් බවත් මේ ආණ්ඩුව ඉඳහිටලා හොඳ වැඩක් කරන බවත්, පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. චීනය සමග තරහ නොවී සුහදව කටයුතු කළ යුතු බව තමන් නිතරම පෙන්වා දුන් බවද හෙතෙම පැවසුයේ අද(10)අඟුණකොළපැලැස්ස,අලුත්වැව පුරාණ විහාරස්ථානයේදීය.
කෙසේ නමුත් මේ ආණ්ඩුව සංවර්ධනයට බ්රේක් ගසා මේවන විට නතර කර ඇති බවත් ආර්ථිකය කඩා බිඳදමා තම රජය සමයේ කළ කී දෑ පිළිබඳ විවේචනය කර කර සිට දැන් ප්රමාදවී හෝ චීනයේ ආධාර ගැනීමට සිදුවී ඇති බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
තමන් විසින් ලෝකයේ විවිධ රටවලින් ණය මුදල් ගෙන කළ දේවල් රට පුරා දැකගත හැකි බවත්,වත්මන් රජය විසින් ඩොලර් මිලියන 6000 ක ණය අරන් එකදු බොක්කු කටක් හෝ සාදා නොමැති බවත් ඔහු කියා සිටියේය.