ප්රභාකරන්ට එරෙහිව ජයලලිතාගෙන් යෝජනාවක් - කරුණානිධි
ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ සුභසාධනය සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් කිඹුල් කඳුළු හෙළමින් සිටින බව තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි පවසයි.
හිටපු කොටිනායක වේලුපිල්ලේ ප්රභාකරන් අත්අඩංගුවට ගැනීමට අදාළව තමිල්නාඩු මන්ත්‍රණ සභාව තුළදී ඇය යෝජනාවක් සම්මත කරගත් බවද කරුණානිධි සඳහන් කරයි.
එසේම ශ්‍රී ලංකා දමිළ ජනතාවගේ සුභසාධනය පිළිබඳව හඬක් නැගූ එකම පක්ෂය තම ඩී.එම්.කේ. පක්ෂය පමණක් බවද කරුණානිධි පවසයි.
“ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව පිළිබඳවත්, ප්රභාකරන් පිළිබඳවත් ඇය දැන් කිඹුල් කඳුළු හෙළනවා. ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ සුභසාධනය පිළිබඳව හඩක් නැගූ එකම පක්ෂය ඩී.එම්.කේ. පක්ෂයයි” යැයි හිටපු මහඇමතිවරයා ඉන්දීය මහ මැතිවරණය අරමුණු කරගනිමින් චෙන්නායිහි පැවැති රැළියක් අමතමින් සඳහන් කර තිබේ.
'ද හින්දු' ඇසුරිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

