මහනුවර නාගරික වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සැළක විකීණීමට ගෙනා රෙදි තොගයක් අතර තිබී එල්.ටී.ටී.ඊ නායක වේඵපිල්ලේ ප්රභාකරන්ගේ රුව සහිත හා ඊළාම් රාජ්‍යයට අයත් ප්‍රදේශ යැයි කියන ස්ථාන සළකුණු කරන ලද ටී ෂර්ටයක් හමුවීම සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විමර්ශන අරඹා ඇත.
ප්රභාකරන්ගේ රැව සහිත ටීෂර්ටය නාගරික වෙලද සංකීර්ණයේ ඊයේ (13) විකිණිමට ගෙනෙන ලද රෙදි බැගේජයක් විවෘත කර බැලිමේදි එය දුටු පසු මහනුවර පොලිසියට ඔහු ඒ බව දැනුම් දි තිබේ.
මෙම රෙදි බැගේඡය එවු පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට නියමිත අතර මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝඡ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පැවැත්වෙයි.