එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ මුල්පෙළ නායකයෙකු ලෙස කටයුතු කළ මහේන්ද්‍රරාජා නොහොත් 'මහත්තයා' යන අය 1989 කාලවකවානුවේ ඉන්දියානු රෝ ඔත්තු සේවයේ නියෝජිතවරයෙකු ලෙස කටයුතු කර ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කරයි.
මාධ්‍යවේදී නීනා ගෝපාල් විසින් රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් රචිත The Assassination of Rajiv Gandhi ග්රන්ථයෙහි මේ බව සඳහන් වන්නේ යැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කරයි.
හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා 1991 දී තමිල්නාඩුවේදී ඝාතනය කිරීමට පැය කිහිපයකට පෙර සම්මුඛ සාකච්ඡා කළ අවස්ථාවකදී අගමැතිවරයා තමන්ට මේ බව හෙලි කළ බව මාධ්‍යවේදී නීනා ගෝපාල් මෙම කෘතිය හරහා පවසයි.
එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන් සමග සමීපව කටයුතු කිරීමට රෝ සංවිධානය භාර දී ඇති අතර, එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකත්වය ලබාගැනීමේ අදහසක්ද මහත්තයා සතු වූ බවද කතුවරිය දක්වා තිබේ.
නමුත් ඉන්දියාවට මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, මහත්තයා රෝ සංවිධානයට අනුව කටයුතු කරන බවට ප්රභාකරන් දැනගැනීමෙන් පසු 1993 දී මහත්තයා ඝාතනය කළ බවත් ග්රන්ථයෙහි සඳහන්ය.
එමෙන්ම 2009 මැයි මාසයේ යුද්ධය අවසාන කාලයේදී ප්රභාකරන්ට යටත්වීමට අවශ්‍ය පහසුකම් සැලැස්වීම සඳහා රෝ සංවිධානය සැලසුම් කර ඇති බවත්, එහෙත් එසේ යටත් වීමේ සැලසුම තිබුණේ ශ්‍රී ලංකා රජයට නොව තුන්වැනි පාර්ශ්වයකට බවත් එහි සඳහන්ය. ප්රභාකරන් ලංකා රජයට බාරදෙන මෙන් මෙරට ආණ්ඩුව ඉන්යාවෙන් ඉල්ලීම් කළ බවද කතුවරිය වැඩිදුරටත් තම කෘතියේ සඳහන් කර තිබේ.
මහත්තයා (වමේ), ප්රභාකරන් (දකුණේ)