රුපියල් ලක්ෂ තුනක් පමණ වන ප්‍රබල වේදනා නාශක පෙති දස දහසක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ දිල්ලි නුවර සිට පැමිණි ශ්‍රීලාංකිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.