චිලී රාජ්‍යය ඔබ්බෙන් මුහුදේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් පසුව පැසිෆික් කලාපයේ නගර කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව වාර්තා වෙයි.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන පරිදි අද (01දා) සිදුවූ මෙම භූ කම්පනයෙන් රික්ටර් මාපාංක 6.0ක් ලෙස සටහන් වී තිබේ.
එය පැසිෆික් සාගරයේ ඊස්ටර් දිවයිනේ සිට කිලෝමීටර් 544ක් දුරින් කිලෝ මීටර් 10ක් ගැඹුරු මුහුදේ ඇති වී තිබේ.