සිදුකරන විදුලි වැඩවර්ජනයට සාපේක්ෂව ප්‍රධාන විදුලි බිඳවැටීම් 20කට අධික සංඛ්‍යාවක් සමග කෙටි බිඳවැටීම් සිය ගණනක් වාර්තා වී තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
ඊයේ (13දා) දහවල් 12.00 සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක වන නිසා කිසිඳු බිඳවැටීමක් යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බවද එම සංගමයේ සාමාජික කාර්යාල සේවක සංගමයේ සභාපති එම්. වීරසිංහ මහතා සඳහන් කළේය.
95%කට වැඩි සේවක සංඛ්‍යාවක් වර්ජනයට එකතු වී සිටින බවත්, අදාළ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් සාකච්ඡාවක් හෝ ලබාදී නොමැති බවද හෙතෙම පවසා සිටියේය.