හෙද නිලධාරීන්ගේ සූතිකාගාර පුහුණුවට හා මානසික හෙදකමට අදාළ සායනික පුහුණුවට අවශ්‍ය නීතිමය වලංගුතාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකිරීම නිසා අද (18දා) කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, කුරුණෑගල මහ රෝහල සහ කළුතර මහ රෝහල තුළ හෙද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
මේ අනුව මෙම රෝහල් තුළ සේවය කරන හෙද නිලධාරීන් අද (18දා) උදේ 10.00 සිට 1.00 දක්වා කාලය තුළ සේවයෙන් ඉවත්ව සිටීමට වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද එම සංගමය සඳහන් කරයි.