ඌව පළාත් සභා මැතිවරණයට අදාළ නාමයෝජනා පත්ර බාරදීම යටතේ එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්රික් නාමයෝජනා පත්රය අගොස්තු මස 05 වැනිදාත් බදුල්ල දිස්ත්රික්කයේ නාමයෝජනා පත්රය 06 වැනිදාත් බාරදීමට නියමිතය.ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්රික් දෙකටම අදාළ නාමයෝජනා පත්ර අගෝස්තු මස 05 වැනිදා බාරදීමට නියමිතය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා පත්ර අගෝස්තු 05 වැනිදා සහ 06 වැනිදා බාරදීමට සැලසුම්කර තිබේ.
එච්.අයි.තුෂාර/ අමිත් මධුරංග