දිවයිනේ ප්‍රධාන ජලාශ 72 ක ජලමට්ටම සියයට විසිනවය (29%) දක්වා පහළ ඇති බවත්, සැප්තැම්බර් මාසය දක්වාම වර්ෂාව නොලැබෙන තත්ත්වයක් පවතින බැවින් ජල පාරිභෝජනය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවත් වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් භද්‍රා කමලානි මහත්මිය අද ට පැවසීය.
මහ කන්නයේදී වර්ෂාව නොලැබීමත් යල කන්නය මැද දී වර්ෂාව නොලැබීමත් මෙයට හේතුව ලෙසද කමලානි මහත්මිය සඳහන් කළාය.
අම්පාර සේනානායක සමුද්‍රයේ ජලමට්ටම 17% දක්වා පහළ බැස ඇති අතර යල කන්නය ආරම්භයේදී අනුරාධපුර පුරුළුවැව, පදවිය යන වැව්වල ජල මට්ටම ඉතා පහත් මට්ටමක පැවතීමෙන් වගා ආරම්භ කර නොමැති බවද භද්‍රා කමලානි මහත්මිය පැවසුවාය.
මෙරට සමස්ත වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 285000ක් වුවත් මෙවර යල කන්නයේ වගාකළ වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර එක් ලක්ෂ පනස් හත් දහස (157000) දක්වා පහත වැටී තිබේ.