ජනාධිපතිවරණයට ප්රථම ප්රධාන අපේක්ෂකයන් දෙදෙනා ප්රසිද්ධ වේදිකාවක විවාදයකට පැමිණ තම ප්රතිපත්ති ජනතාවට ඉදිරිපත් කරන්නේ නම් එය වඩාත් කාලෝචිත ක්රියාවක් බව එක්සත් රජධානියේ ප්රධාන සංඝනායක කඹුරුවල රේවත හිමියෝ 'අද' ට පැවසූහ.
බටහිර රටවල දේශපාලන සංස්කෘතියේ වැදගත් ලක්ෂණ මෙරට දේශපාලනයටද එක්කරගැනීම යහපත් බවත්, පෝස්ටර් අලවා රට විනාශ කරනවාට වඩා එය යහපත් බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.