රට හරහා ගමන් කළ වියළි සුළං වෙනුවට ජල වාෂ්ප සහිත සුළං ගමන් කිරීම ආරම්භ වී තිබෙන බවත්, මේ නිසා අද (28දා) සිට ඉදිරි දින කිහිපය පුරාම ප්‍ර‘දේශ කිහිපයකම වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව නැගෙනහිර, බස්නාහිර, වයඹ, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලද, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද සවස 4.00 න් පසු වැසි ඇති වන බව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥා චන්න රොද්‍රිගෝ මහතා සඳහන් කළේය.
වැසි සමග අකුණු ඇති විය හැකි බැවින් අකුණු අනතුරු වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත්, වර්ෂාව ඇති වුවත් දැනට පවතින අධික උණුසුමෙහි විශාල වෙනසක් සිදුනොවන බවත් ඔහු පවසා සිටියේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27දා) දිනයේදී නිකුත් කළ දෛනික වාර්තාවට අනුව අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, එම දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 28 වැනි දින නිකුත් කළ දෛනික වාර්තාවට අනුව අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ක් ලෙස සඳහන් කර තිබේ. ඒ අනුව මාසයක කාලයක් තුළදී අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 03 කින් ඉහළ ගොස් ඇත.
පෙබරවාරි 28 වැනි දින නිකුත් කළ දෛනික වාර්තාවට අනුව නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ක් ලෙස සඳහන් කර තිබෙන අතර, ඊයේ (27දා) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවට අනුව එම අගය සෙල්සියස් අංශක 25 ක් ලෙස සඳහන් කර තිබේ. මේ අනුව නුවරඑළියේ උෂ්ණත්වය මාසයක කාලයක් තුළ සෙල්සියස් අංශක 05 කින් ඉහළ ගොස් ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ක් ලෙස පෙබරවාරි 28 වැනි දින නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් කර තිබෙන අතර, ඊයේ (27දා) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවට අනුව එම අගය සෙල්සියස් අංශක 34 ක් ලෙස සඳහන් කර තිබේ. මේ අනුව මාසයක කාලයක් තුළ කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 02 කින් ඉහළ ගොස් ඇත.
පෙබරවාරි 28 වැනිදා නිකුත් කළ දෛනික වාර්තාවට අනුව යාපනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ක් ලෙස සඳහන් කර තිබෙන අතර, ඊයේ දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවට අනුව එම දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ක් ලෙස සඳහන් කර තිබේ.
පෙබවාරි 28 වැනි දින නිකුත් කළ දෛනික වාර්තාවට අනුව මහනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ක් ලෙස සඳහන් කර තිබෙන අතර, ඊයේ දිනයේ නිකුත් කළ වාර්තාවට අනුව එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ක් සඳහන් කර තිබේ.
මීට අමතරව පෙබරවාරි 28 වැනි දින නිකුත් කළ දෛනික වාර්තාවට අනුව රත්නපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ ගොස් ඇත.