(UPDATE) 12.41P.M. තමන් ඉදිරිපත් කරන යෝජනා සඳහා විපක්ෂය හෝ ආණ්ඩුව සහාය නොදක්වයිනම් ජනපතිවරණයේදි වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව බොදු බල සේනා ජාලය සඳහන් කරයි.
කෙසේ වෙතත් තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන්නේ ජනපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව බවත් එම සංවිධානය සඳහන් කරයි.
ප්‍රතිපත්තිගරුකව යමක් කළ හැකි අයෙක් සිටීනම් ඒ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ පවසති.
මේ වන විට කිරුළපන පැවැත්වෙන මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ. කෙසේ වෙතත් ජනපතිවරණයේ සිය සහාය කාටදැයි යන්න මේ දක්වා තවමත් එම සංවිධානය හෙළි නොකළේය.