ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු ප්‍රභලයන් රැසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී එක්සත් ජනතා සන්ධානයට සහාය පළ කර සිටිති.
ප්රජාතන්ත්රවාදී පක්ෂය පිළිබඳ කළකිරුණු මෙම පිරිස අද (13දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා මුණගැසී රජයේ රට දිනවන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට සහාය දෙන බව ජනපතිට පවසා තිබේ.
ප්රජාතන්ත්රවාදී පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ එහි ප්‍රභල සාමාජික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුනවේ ධම්මරත්න ස්වාමීන් වහන්සේ, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සහකාර ලේකම් 'අභිමානවත් ලක් දියණියෝ' සංවිධානයේ ජාතික සංවිධායක මාලා විජේතිලක, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ උප සභාපති, යාපහුව ආසනයේ ප්‍රධාන සංවිධායක, කුරුණෑගල දිස්ත්‍රික් රණවිරු සංවිධානයේ කැඳවුම්කරු මේජර් විමල් රත්නායක යන අය සහ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නියෝජනය කරමින් 2010 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් රැසක් මේ අතර වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.