ප්රජාතන්ත්රවාදි පක්ෂයේ තවත් පළාත් සභා මන්ත්රීවරුන් කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපය තුළ රජයට එක්වීමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිටත් ආණ්ඩුවේ ප්රබල දේශපාලඥයෙකු සමග එම මන්ත්රී පිරිස සාකච්ඡා පවත්වා තිබෙන අතර, ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට අවස්ථාව ලබාදෙන බවට එහිදී පොරොන්දුවක් ලබාදී තිබෙන බවද පැවසෙයි.
පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත කැටගොඩ මහතාගේ මූලිකත්වයෙන් ක්රියාත්මක ප්රජාතන්ත්රවාදි විකල්ප පෙරමුණ යටතේ ඉදිරියටත් දේශපාලනය කිරීමට මෙම මන්ත්රි පිරිස එකඟ වී ඇත.