නිට්ටඹුව නගර මධ්‍යයේදී ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඊයේ (19දා) එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළකරමින් අද (20දා) එම ප්‍රදේශයේ මේ වනවිටත් පැවැත්වෙන විරෝධතා පා ගමනකට පොලිසියෙන් බාධා එල්ල වූ බව එම පක්ෂයේ ජාතික සංවිධායක ගයාන් විතානගේ මහතා පැවසීය.
ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කරගන්නා ලෙස පවසමින් දිගින් දිගටම පොලීසියෙන් බාධා එල්ල වූ බව ඔහු කීය.
එහෙත් මේ වනවිටත් නිට්ටඹුව ප්‍රදේශයේ අදාළ උද්ඝෝෂණය පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වේ.