ප්රජාතන්ත්රවාදයේ පරම සතුරා ත්රස්තවාදයයි
ලොව බිහිසුණු ත්රස්තවාදීන් ලෙස එල්.ටී.ටී ය පරාජය කිරීමේදී හමුදාවන් සතුව තිබූ දැඩි අධිෂ්ඨානය ගැන සේනාධිනායකයා ලෙස තමා ආඩම්බර වන බවද, ශ්‍රී ලංකාවේ ජනතාව ඒ වෙනුවෙන් කළ කැපකිරීම් සදා අගයන බවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයාගේ සිවුදින පාකිස්තාන සංචාරයට සමගාමීව පාකිස්තානයේ ආරක්ෂික අධ්‍යාපන සහ පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කොට තිබු “සාමය සඳහා වූ ශ්‍රී ලාංකික අරගලය සහ එහි පාඩම්” සමුළුවේ ප්‍රධාන ආරාධිකයා සහ ප්රමුඛ දේශකයා වශයෙන් සහභාගී වෙමින් හිටපු ජනපතිවරයා එසේ පවසා සිටියේය.
මෙම සමුළුව අද (22දා) පාකිස්තානයේ ඉස්ලමාබාත් සෙරේනා හෝටලයේදී පැවැත් වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා,
“ත්රස්තවාදියාට තේරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි. හොඳ ත්රස්තවාදියා නරක ත්රස්තවාදියා කියා බෙදන්න එපා. ප්රජාතන්ත්රවාදයේ පරම සතුරා ත්‍රස්තවාදය බව මොහොතකට හෝ අමතක කරන්න එපා" යැයිද පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
