දැනට රට තුළ සිදුවන ප්‍රචණ්ඩක්‍රියා නිසා මතුව ඇති ප්රශ්නය විසඳීමට සාම්ප්‍රදායික මුස්ලිම් දේශපාලඥයන්ට, සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලියට හෝ උලමාවරුන්ගේ සභාවට නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද(12දා) පැවසීය.
එම ප්රශ්නය විසඳිය හැක්කේ ප්රගතීශීලී සමාජ බලවේගවලට,වාමාංශිකයන්ට සහසංවිධානාත්මක වැඩකරන ජනතාවගේ බලවේගවලට පමණක් බවද ඒ මහතා කියා සිටියේය.
මරදාන සී.එස්.ආර්. ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා,
“දැන් ප්‍රචණ්ඩක්‍රියා මාලාවක් එනවා මාසයක කාලයක් ඇතුළත. මේවට අන්තවාදී ලෙස ප්‍රතිචාර දක්වන්න එපා කියා අපි ඉල්ලා සිටිනවා.මුස්ලිම් අන්තවාදයට මේ ප්රශ්නය විසඳන්න බැහැ.මේ ප්රශ්නය උග්‍ර කරන්න විතරයි මුස්ලිම් අන්තවාදයට හැකිවන්නේ.මුස්ලිම් අන්තවාදය පිහිටෙන් මේ ප්රශ්නය විසඳන්න යන්න එපා.
මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදී කණ්ඩායම් ශක්තිමත් කරන්න එපා.ඒවාට ජනතා සහාය ලබාදෙන්න එපා.සාම්ප්‍රදායික මුස්ලිම් දේශපාලඥයන්ට මේ ප්රශ්නය විසඳන්න බැහැ.සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලියට,උලමාවරුන්ගේ සභාවට මේ ප්රශ්නය විසඳන්න බැහැ.මේ ප්රශ්නය විසඳන්න පුළුවන් ප්රගතිශීලී සමාජ බලවේගවලට,වාමාංශිකයන්ට,සංවිධානාත්මක වැඩකරන ජනතාවගේ බලවේගවලට පමණයි.ඒක ගැන විශ්වාස කරන්න කියලා අපි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.සමාජයේ ඉන්න ප්රගතිශීලීන්, වාමාංශිකයන්,ජාතිවාදයට විරුද්ධ අය ගැන විශ්වාසය තියන්න.
ඒ ගොල්ලො මැදිහත්වෙමින් ඉන්නවා.මේ ප්රචණ්ඩ ක්‍රියාවලට ප්‍රචණ්ඩත්වයෙන් උත්තර දෙන්න යන්න එපා.දැනට රටතුළ සිටින ප්රගිතීශීලීන්, වාමාංශිකයන්,ලිබරල් මතධාරීන් මේ ප්‍රශ්නයට මැදිහත්වීමක් කරන්න කියා අපි ඉල්ලීමක් කරනවා.සියලුම පිරිස් සමග ඒකාබද්ධව ජනතා බලවේගයක් අපි හදලා තියෙනවා”යනුවෙන් පවසා සිටියේය.