තමන් හා නන්දිමිත්ර ඒකනායක මහතා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ඉල්ලා සිටි බවට රංජිත් අලුවිහාරේ මහතා කළ ප්‍රකාශය ඔප්පු කළහොත් තමන් සියදිවි හානිකර ගන්නා බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ජනක බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
රංජිත් අලුවිහාරේ මහතා චේතිය රජ පරම්පරාවේ කෙනෙකු බවත්, ඔහු කළ ප්‍රකාශයට තමන්ට හිනාවෙන්නට තැනක් නොමැති බවත් හිටපු ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.