ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පවතින පොත් අලෙවිසැල පුළුල් කිරීමටත් දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශන අලෙවි සැල් ස්ථාපිත කිරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාල බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් අලෙවි සැලෙහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව අමාත්‍යවරයා අද(08) බලධාරීන්ට මේ බව කියා තිබේ. පොත් මිලදී ගැනීම සඳහා මේ දිනවල දිගු පෝලීම් දක්කට ලැබෙන අතර ඇතැම් පෙළ පොත්වල හිඟයක් පවතින බව ද එහිදී අනාවරණය වී ඇත.