ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පැරිස් කාර්යාලය වෙත ලිපියක් ලෙස එවනු ලැබූ පාර්සල් බෝම්බයකින් එහි සේවය කළ කාන්තාවක් තුවාල ලබා තිබේ.
මෙම තැනැත්තිය අදාළ ලිපිය විවෘත කිරීමට යාමේදී එය පිපිරී ගොස් ඇති අතර, මෙය නිවෙසක සෑදූ බෝම්බයක් විය හැකි බවත් පැරිස් පොලීසිය පවසයි.
දුරකථනවලින් සිදුකරන ලද තර්ජනයන් පසුගිය කාලය පුරාවට පැවත තිබුණත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉලක්ක කළ ප්රහාරයක්මද යන්න පැහැදිලි නොවන බවද පොලීසිය පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරයට ගොදුරුවූ තැනැත්තියගේ මුහුණට හා අත්වලට පිළිස්සුම් තුවාල සිදුවී ඇතත්, ඇයගේ ජීවිතයට තර්ජනයක් නොවන බව සඳහන් වෙයි.