ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ දක්වා ලද තොරතුරුවලට අනුව කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බවත් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදු වී තිබේද යන්න සොයා විමර්ශන ආරම්භ කර ඇති බවත් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජ මහතා පැවසයි.
ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් 0033789238926 යන දුරකතන අංකය අමතන ලෙස ද තනාපතිකාර්යාලය ඉල්ලා සිටියි.