උතුරුදිග ප්‍රංශයේ දේවස්ථානයක් තුළ දැලි පිහිවලින් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මිනිසුන් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන එක් අයෙකු ඝාතනය කර තිබේ.
මෙම සිද්ධිය වූ ස්ථානයට පැමිණි ප්‍රංශ පොලීසිය මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු වෙඩි තබා ඝාතනය කර ඇත.
දකුණුදිග රොඑන් හි සෙන්ට්-ඉටෙන්නේ ඩ්‍යු රෝවරි නගරයේ දේවස්ථානයක් තුළ මෙම ප්‍රාණ ඇපකාර සිද්ධිය හා පිහි ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම ප්‍රහාරකයන් දේවස්ථානයේ සිටි පියතුමාගේ ගෙල දැලි පිහිවලින් කපා ඇති බවද ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන බව රොයිටර් පුවත් සේවය කියයි.
ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ ද සිද්ධිය වූ ස්ථානයට ළඟා වන බව විදෙස් වාර්තා පවසයි.