ප්රංශ නව ජනපති එමානුවෙන් මැක්රෝන්ගේ ජයග්රහණය සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සුබ පැතුම් එක්කොට තිබේ. ප්රංශ ජනපතිවරණයේ ඊයේ (07දා) පැවැති දෙවැනි ඡන්ද විමසීමේදී ඔහු විශිෂ්ඨ ජයග්රහණයක් අත්කර ගත්තේය.
මැක්රෝන්ගේ ජයග්රහණය පිළිබඳව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් යොමු කරමින් පවසන්නේ ඔහුගේ ජයග්රහණය ශ්රී ලංකාව හා ප්රංශය අතර පවතින සබඳතා සඳහා ශක්තිමක් අඩි තාලමක් වනු ඇති බවයි.