ශ්‍රී ලංකාවේ පළාත් හයක් තුළ හදිසි ආපදා තත්ත්වයක් උද්ගතවීම නිසා එම පළාත්වල ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත්කරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත් තුළ පසුගිය මැයි මස 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ව්‍යසන තත්ත්වය ප්‍රකාශට පත්කර ඇත.
අදාළ පළාත් තුළ හටගත් හදිසි ආපදා තත්ත්වය නිසා මහජන ආරක්ෂාව,රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙම ව්‍යවසන තත්ත්වය ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තියේ විධිවිධාන අනුව මෙලෙස ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ බවට වූ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා විසින් පසුගිය 08දා ප්‍රකාශයට පත්කර තිබේ.