පළාත් සභා සහ පළාත් පාලන ආයතන හවුල් පාලනයක් යටතේ පවත්වාගෙන යෑමට තීරණයක් ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සංන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉදිරි මැතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනම තරග කරන බවද මහලේකම්වරයා මෙහිදී පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරවීර මහතා,
“අපි එවැනි සාකච්ඡාවක් හෝ අවධායක් යොමුකර නැහැ. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තමයි තරග කරන්නේ. අපි බලය ලබාගැනීමට තමයි තරග කරන්නේ. හවුල් පාලනයක් ගෙනයාමට අපට අවශ්‍ය නැහැ. අපේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කටයුතු කරනවා" යනුවෙන් පවසා සිටියේය.