පළාත් සභා මැතිවරණයක් සඳහා නාමයෝජනා ලබාදීමේදි කාන්තා නියෝජනය 30%ක් විය යුතු බවට ජුලි 10දා නිකුත් කර ඇති ගැසට් නිවේදනය හෙතුවෙන් උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්ද විමසීමත් කල් දැමීමට සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ගැසට් නිවේදනයේ ඇති කරුණුවලට විරෝධය දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ඉදිරිපත් කිරීමෙ හැකියාවක් ඇති අතර යම් පාර්ශ්වයක් විසින් පෙත්සමක් ඉදිරිපත් කරනු ඇතැයිද විශ්වාස කෙරේ.
පළාත් සභා ඡන්දය සඳහා නොවැම්බර් 02දා වනවිට නාමයෝජනා කැඳවිය යුතුව තිබේ. මේ අතර කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ පුදුකුඩුඉරිප්පු ප්‍රා දේශීය සභාව සඳහ වූ ඡන්ද විමසීම අධිකරණයේ විභාග වන නඩුවක් හේතුවෙන් වසර පහ හමාරකින් පමණ කල් දමා ඇති බවයි.
දයාසීලි ලියනගේ