පළාත් සභා මැතිවරණය කල්දැමීමේ කිසිදු හැකියාවක්නැතැයිමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ රජය මගින් මැතිවරණය පළාත් සභා මැතිවරණයද කල් දැමීමට සූදානමක් ඇති බවද ආරංචි පැතිරයමින් පවතින අවධියකය.
මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වීමට නියමිතය.
මේ පිළිබඳ 'අද' කළ විමසීමකදී දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ මැතිවරණය කල්තැබීමට ආණ්ඩුව කටයුතු නොකරනුඇතැයි මැතිවරණ කොමිසම විශ්වාස කරන බවයි. ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණය කල්තැබිය හැක්කේ පාර්ලිමේන්තුවේ නව පනතක් සම්මත කිරීමෙන් පමණක් බවයි.
එයද පහසු කටයුත්තක් නොවන බව කී ඒ මහතා, ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකට අමතරව ජනමත විචාරණයක්ද අවශ්‍ය බවද කීය.
එසේම මීට ඉහත මැතිවරණ කල්දමා ඇත්තේ මහජන ආරක්ෂණ ආඥාපනතේ වගන්තිවලට අනුව බව පවසන ඒ මහතා මෙවර එසේ කිරීමට රටතුළ හදිසි තත්ත්වයක් නැතැයිද කියා සිටියේය.